හම්බෙගමුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරියෙක් පුහුණු පාඨමාලාවක් සඳහා යමින් සිටියදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. හම්බෙගමුව පොලිස් ස්ථානයේ සිට හම්බෙගමුව – තණමල්විල මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගො ඇත්තේ වයස අවුරුදු 43ක් වන තණමල්විල ගාමිනීපුර පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වේ.














