අනුරාධපුර තඹුත්තේගම මහවැලි එච් කලාපයේ රටකජු ගොවීන් සිය නිෂ්පාදන සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ගොවීන් පෙන්වා දෙන්නේ, තමන් රටකජු බීජ කිලෝවක් රුපියල් 800ත් 850ත් අතර ඉහළ මිලකට මිලදී ගෙන වගා කටයුතු සිදු කළද, මේ වන විට අස්වනු නෙළන අවස්ථාවේදී නිෂ්පාදිත රටකජු කිලෝවක් සඳහා වෙළඳපොළේ ලැබෙන්නේ රුපියල් 300ත් 350ත් අතර ඉතා අඩු මිලක් බවයි.
ඉහළ ගිය නිෂ්පාදන වියදම සහ බීජ මිල සමඟ මෙම අවම මිල යටතේ අස්වනු අලෙවි කිරීමෙන් දැඩි පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව පවසන ගොවීන්, තම අස්වැන්න සඳහා ස්ථාවර සහ සාධාරණ මිලක් ලබා දීමට බලධාරීන් කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.














