යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි යුක්රේන ආරක්ෂක සේවා (SBU) මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් පවතින පසුබිමක් තුළ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙය යුද්ධයේ තවත් බරපතළ උත්සන්න වීමක් ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත.
ප්‍රහාරයෙන් පසුව කියෙව් නුවර ඓතිහාසික මධ්‍යම ප්‍රදේශයෙන් කළු දුමාරයක් නැගී ඇති අතර, ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව නගරාධිපතිවරයා තහවුරු කර තිබේ. අදාළ ඩ්‍රෝන යානය ආරක්ෂක සේවා ප්‍රධානියාගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල වෙත සෘජුවම එල්ල කර ඇති බව පෙන්වා දී ඇති සෙලෙන්ස්කි, මෙම ප්‍රහාරයට එරෙහිව සුදුසු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලෙසට නියෝග කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.













