ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්නේ කිසිදු පළිගැනීමේ චේතනාවකින් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. හොරුන්ට සහ දූෂිතයන්ට දඬුවම් දී අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතට ගැනීම තමන්ට ලැබුණු ජනවරම බව ඔහු අවධාරණය කරයි. ස්වාධීන රූපවාහිනි ‘කරළිය’ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සිය ආණ්ඩුව යටතේ නීතිය සැමට සමාන වන අතර, ගල් අඟුරු කොමිසම පත් කළ අවස්ථාවේ ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූයේ ඒ නිසා බව ඔහු පෙන්වා දෙයි. කුමාර ජයකොඩි නිවැරදි බවට තමන් සියයට සියයක්ම විශ්වාස කළද ඔහු නීතියට ඉඩදී ඉවත් වූ බවත්, වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 160 දෙනාටම කිසිදු දූෂණ චෝදනාවක් නොමැති බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.













