විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් අතර හමුවක් අද (05) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවුණා. මෙහිදී කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කාන්තා සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ ආර්ථිකය සවිබල ගැන්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන්ම ප්‍රජනන හා ආර්ථව සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම, සහ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම් රට පුරා ප්‍රජාවන් වෙත ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායකවරයා, ඒ සඳහා UNFPA විශේෂඥයන් සමඟ නිතිපතා දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් පැවැත්වීමට යෝජනා කළ අතර, ඊට අවශ්‍ය තාක්ෂණික සහාය සහ විශේෂඥ දැනුම ලබා දීමට UNFPA නියෝජිතයා එකඟතාව පළ කර ඇත.














