මෙරට කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් අදාළ පාර්ශ්වකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණ සහයෝගය ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණි.
දැනට මෙරට කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න කිලෝ 4ත් 5ත් අතර ප්‍රමාණයක් වුවද, නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා වෙනත් රටවල එය කිලෝ 20ක් දක්වා ඉහළ නංවා ඇති බව අනාවරණය වී ඇත. වාර්ෂිකව පැළ මිලියනයක පමණ අවශ්‍යතාවක් පැවතියද මේ වන විට නිෂ්පාදනය කෙරෙනුයේ පැළ ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයකි. ඊට විසඳුමක් ලෙස ඉදිරි වසර 10 සලකා බනිමින් විද්‍යාත්මක ක්‍රමවේද යටතේ අවශ්‍ය බද්ධ පැළ නිෂ්පාදනයට සහ පර්යේෂණාත්මක පරතරයන් පියවීමට පර්යේෂණ ආයතනවල සහය ලබා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, උසස් ජානමය ද්‍රව්‍ය ආනයනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම, අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කිරීම සහ භෝග විවිධාංගීකරණයට යොමුවීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කර තිබේ.














