ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි තීරණයක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි. එම සංගමය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, අදාළ වයස් සීමාව අවුරුදු 25ත් 35ත් අතර කාලය දක්වා සංශෝධනය කරන ලෙසයි.
ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා වන අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මීට පෙර ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණි.














