නුවරඑළිය, නානුඔය ග්ලාස්ගෝ දිය ඇල්ල ආසන්නයේ පිහිටි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ජලයේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පෙරමාල් දිවාකර් සහ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අන්බලගන් නික්ෂන් යන තරුණයින් දෙදෙනාය.
නුවරඑළිය ග්‍රෙගරි වැවෙන් පිටවන ජලය කොත්මලේ ඔයට එකතුවන නානුඔය ග්ලාස්ගෝ දිය ඇල්ල ආශ්රිත ප්‍රදේශයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත.


















