මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවති පුළුල් නඩුවකදී, ප්‍රසිද්ධ රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව ඊජිප්තු අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති බව එරට නිල මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂාව සහ අපරාධ සම්බන්ධ කරුණු ආවරණය කළ ‘මිෂන් ඉම්පොසිබල්’ (Mission Impossible) නම් වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් 39 හැවිරිදි සාරා කලීෆා (Sarah Khalifa) නමැති මෙම ඉදිරිපත් කරන්නිය ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම වී තිබේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සපයා ජාවාරම් කිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිහිටුවීම, බලපත්‍ර නොමැති ගිනි අවි සහ උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ කයිරෝ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත. ඊජිප්තු නීතියට අනුව මරණ දඬුවම් නියම කිරීමේදී අත්‍යවශ්‍ය විධිවිධානයක් වන එරට ග්‍රෑන්ඩ් මුෆ්තිවරයාගෙන් ආගමික මතය විමසීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.














