ශ්රී ලංකාවේ මෙතෙක් බිහි වූ ප්රමුඛතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ (UNP) 80 වැනි සංවත්සරය අදට (සැප්තැම්බර් 06) යෙදී තිබේ.
සංවත්සරයට සමගාමීව සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවය පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 9.00 ට පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී (සිරිකොත) පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.














