සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සහ මාරාන්තික ආයුධයක් සමඟ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් සහ ප්‍රහාරයක් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ කඩුවක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රදේශයේ පොලිසිය වෙත භාර දී තිබේ.














