ගූගල් සමාගම විසින් සිය Google Translate යෙදුම සඳහා Gemini කෘත්‍රිම බුද්ධියේ බලය ලබා දෙමින් නව සජීවී පරිවර්තන (Live Translate) පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ.
මෙම නව යාවත්කාලීන කිරීම හරහා Android සහ iOS පරිශීලකයින්ට තත්‍ය කාලීන ද්වි-මාර්ග සංවාද පරිවර්තනය කිරීමේ හැකියාව මෙන්ම ජංගම දුරකථන තිරයේ දිස්වන ඕනෑම පෙළක් ක්ෂණිකව පරිවර්තනය කරගැනීමේ පහසුකම හිමි වේ. විවිධ භාෂා කතා කරන පුද්ගලයන් අතර සිදුවන සන්නිවේදනය සහ සංවාද වඩාත් පහසු, නිරවද්‍ය සහ ස්වාභාවික කිරීම ගූගල් ආයතනයේ මෙම නව තාක්ෂණික එකතු කිරීමේ මූලික අරමුණ වී තිබේ.














