• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෑම සිසුවෙකුටම ආරක්ෂාව හා ගෞරවය දැනෙන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත්විය යුතුයි

වෛද්‍ය මධුර සෙනෙවිරත්න

6 September 2026
in දේශීය, පුවත්
සෑම සිසුවෙකුටම ආරක්ෂාව හා  ගෞරවය දැනෙන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත්විය යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෑම සිසුවෙකුටම ආරක්ෂාව සහ ගෞරවය දැනෙන, විවේචනාත්මකව සිය අදහස් ප්‍රකාශ කළ හැකි ස්ථාන බවට විශ්වවිද්‍යාල පත් කළ යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටු (CVCD) සම්මන්ත්‍රණය 2026 සඳහා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරන සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම ආරක්ෂිත සහ ගුණාත්මක වෘත්තීය පරිසරයක වැඩ කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 22 ක උපකුලපතිවරුන් සහ මණ්ඩප අධ්‍යක්ෂවරුන්ගේ නියෝජනයෙන් සමන්විත CVCD කමිටුවේ 500 වැනි සභාවාරය සනිටුහන් කරමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. නවෝත්පාදනය, ජාත්‍යන්තර පිළිගැනීම සහ ජාතික සංවර්ධනය යන ක්ෂේත්‍ර මුල් කරගනිමින් උසස් අධ්‍යාපන පද්ධතිය අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීම මෙහි අරමුණයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල යනු සිසුන් උපාධිය හැදෑරීම සඳහා පමණක් පැමිණෙන ස්ථාන නොවිය යුතු බවත්, තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා බිහිකරන, නායකත්ව ගුණාංග වර්ධනය කරන සහ වේගයෙන් වෙනස් වන ලෝකයට ඔවුන් සූදානම් කරන මධ්‍යස්ථාන බවට ඒවා පත් කළ යුතු බවත් සඳහන් කළේය. කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණික ප්‍රවණතා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා යොදාගත යුතු අතරම, විශ්වවිද්‍යාල පරිපාලනය තුළ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වලට මිලියන 28කට අධික වන්දි!

Next Post

Google Translate උඩු යටිකුරු වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
Google Translate උඩු යටිකුරු වෙයි!

Google Translate උඩු යටිකුරු වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved