පසුගිය අගෝස්තු මස 15 වැනි දින නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදහන්ව සිට පසුව මළ සිරුර සොයාගන්නා ලද නාවික හමුදා නිලධාරියාගේ දේහය ඊයේ (සැප්තැම්බර් 05) රාත්‍රියේ බොරලැස්ගමුව, වේරහැර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
අනතුරට ලක්වූ අදාළ ඩෝරා ප්‍රහාරක යාත්‍රාවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස මෙම නිලධාරියා සේවය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත් වූ නිලධාරියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් සහ නාවික හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මේ වන විට සහභාගී වෙමින් සිටිති.














