මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඇගයීම් ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදුකර ඔක්තෝබර් 25 වනදා වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. අගෝස්තු 10 වනදා ආරම්භ වී ඊයේ (සැප්තැම්බර් 05) අවසන් වූ මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටියහ. මේ අතර, විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 වනදා ආරම්භ කිරීමට නියමිත අතර, මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.















