22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ (Mark-Andrè Franche) මහතා සමඟ අද (සැප්තැම්බර් 06) පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය. තමන් නියෝජනය කරන්නේ පක්ෂ දේශපාලන හෝ පෞද්ගලික අරමුණු ඉක්මවා ගිය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ස්ථාවරයක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට නම් අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවක් වන බැවින්, ඕනෑම ක්‍රමයක් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.













