මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන පනත් තුනෙහි සංශෝධන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
ඊට අමතරව, තවත් පනත් 07ක් සංශෝධනය කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. යල්පැන ගිය කරුණු සහිත පළාත් පාලන පනත් වර්තමානයට ගැළපෙන අයුරින් යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි. ආයතන ප්‍රධානීන්ගේ සහ නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කරමින් පළාත් පාලන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා මෙවැනි වැඩමුළු සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කෙරේ.














