පවතින ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බවත්, රජය විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් ඉලක්ක කරමින් දඩයම් කිරීමේ දේශපාලනයක නිරතව සිටින බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම චෝදනා එල්ල කළේය. වත්මන් පාලනය යටතේ සුළු දේකට පවා නීතිය තදින් ක්‍රියාත්මක වන තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, *”ලක්ෂ තුනටත් හිරේ යන තත්ත්වයක් තියෙන්නේ”* යැයි සඳහන් කළේය. ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්යයන්ට එරෙහිව විපක්ෂය ඒකාබද්ධව අදියරෙන් අදියරට ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. මීට අමතරව, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයකුගේ ලිපියක් සහ දිවුරුම් ප්‍රකාශයක් මත පමණක් මෙලෙස පහසුවෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි.













