භූමියේ සැබෑ ප්‍රමාණය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියම් ප්රක්ෂේපණයක් අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විශේෂ යෝජනාවක් සම්මත කර තිබේ.
පාසල්, අධ්‍යාපන ආයතන සහ ඩිජිටල් වේදිකාවල ලෝක සිතියම ඉදිරිපත් කෙරෙන ආකාරය මින් වෙනස් විය හැකි අතර, පසුගිය සැප්තැම්බර් 04 වන දින රටවල් 164කගේ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව, එක් රටක විරුද්ධත්වයෙන් සහ මධ්‍යස්ථ රටවල් 6කගේ සහභාගීත්වයෙන් මෙම යෝජනාව සම්මත වී ඇත. මෙහිදී එක්සත් ජනපදය පමණක් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
1569 දී ගෙරාඩස් මර්කේටර් (Gerardus Mercator) විසින් මුහුදු සංචාරක කටයුතු සඳහා නිර්මාණය කරන ලද ‘මර්කේටර් ප්රක්ෂේපණය’ (Mercator projection) මගින් සමකයෙන් ඈත ප්‍රදේශවල පිහිටි රටවල ප්‍රමාණය අතිශයෝක්තියට නංවා පෙන්වන බව පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස, සැබෑ භූමි ප්‍රමාණයෙන් අප්‍රිකාව මෙන් 14 ගුණයක් කුඩා වුවද, මර්කේටර් සිතියමක ග්‍රීන්ලන්තය අප්‍රිකාවට සමාන ප්‍රමාණයකින් පෙන්වයි.
ඒ අනුව, මහාද්වීපවල සාපේක්ෂ ප්‍රමාණය වඩාත් නිවැරදිව සංරක්ෂණය කිරීම සඳහා 2018 දී හඳුන්වා දුන් ‘සමාන පෘථිවි ප්රක්ෂේපණය’ (Equal Earth projection) භාවිතය මෙම යෝජනාව මගින් දිරිගන්වා ඇත. කෙසේ වෙතත්, මෙය මර්කේටර් සිතියම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමක් නොවන අතර, සංචාරක නාවික කටයුතු සඳහා එය තවදුරටත් ප්‍රයෝජනවත් වේ. අප්‍රිකානු සංමුධානය වෙනුවෙන් ටෝගෝ රාජ්‍යය විසින් මෙම මුලපිරීම මෙහෙයවා ඇති අතර, ප්‍රංශය ද වෙනම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම විදේශ අමාත්‍යාංශය මර්කේටර් සිතියම අතහැර ‘Eckert IV’ සිතියම භාවිතයට ගැනීමට පියවර ගන්නා බවයි.
















