2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සමස්ත සංඛ්‍යාව 8,900 ඉක්මවා ඇති බව ලෙබනන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 30,600කට ආසන්න වන අතර, විශේෂයෙන්ම මෑත මාසවල (මාර්තු 02 වැනිදා සිට) ඇති වූ දැඩි තත්ත්වය නිසා පමණක් මරණ 4,350 ඉක්මවා වාර්තා වී ඇත. තවද, මෙම ප්‍රහාර හමුවේ සෞඛ්‍ය අංශ සේවකයින් 135 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින යුදමය වාතාවරණය නිසා ලෙබනන් වැසියන් තුන්ලක්ෂ හැටදහසකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැඩිදුරටත් පෙන්වා දෙයි.














