“වාරමංජරී” සඟරාවේ යාපනය විශේෂ සංස්කරණය එළිදැක්වීම අද (සැප්තැම්බර් 06) උදේ ඓතිහාසික නල්ලූර් කෝවිල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන්, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ස්වාමිනාදන් විමල් සහ ලේක් හවුස් ආයතනයේ ප්‍රාදේශීය විකුණුම් විධායක තුශ්යන්තන් අශෝක්කුමාර් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. උතුරු ප්‍රදේශයේ පාඨකයන් වෙත ගුණාත්මක කියවීමේ අත්දැකීමක් සමීප කිරීම සහ ප්‍රජාවන් අතර සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ සංස්කරණය එළිදක්වා තිබේ.














