පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 03, 04 සහ 05 යන ප්‍රදේශයන්හි ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාම නිසා වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
උද්‍යාන භාරකාර දමිත් චන්දන මහානාම මහතාගේ ඉල්ලීමකට අනුව, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලවතුරේ රතනසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් බුත්තල–කතරගම ප්‍රධාන මාර්ගය ආශ්‍රිත දිය කඩිති වෙත ජලය සැපයීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. කිරිවෙහෙර විහාරයට අයත් ජල බවුසරය මගින් දිනකට ජලය ලීටර් 24,000ක් පමණ මෙලෙස වනයට මුදාහැරෙන අතර, මෙම උතුම් සත්කාරය සඳහා නායක හිමියන්ද පෞද්ගලිකවම නිරීක්ෂණ සංචාරයක නිරත වී තිබේ.














