දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ “කළු රාජ්‍යය” හේතුවෙන් මෙරට ජනතාවට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් සංවිධානය කර ඇති ජනරැළි මාලාවේ සමාරම්භක රැළිය අද (සැප්තැම්බර් 06) පස්වරුවේ බුලත්සිංහලදී පැවැත්වුණු අතර, ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. රටේ පවතින මෙම අදෘශ්‍යමාන කළු රාජ්‍යය වෙනස් කර පිරිසිදු යහපත් ආණ්ඩුකරණයක් බලාපොරොත්තුවෙන් ජනතාව ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් බවත්, එම ක්‍රියාවලියේ වැදගත් වැඩ කොටස් කිහිපයක්ම පසුගිය වසර දෙක තුළ සාර්ථකව නිම කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














