ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් පසුගිය අගෝස්තු මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව මහ බැංකු ආර්ථික දර්ශක පෙන්වා දෙයි.
මෙරට විදේශ විනිමය සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර, ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2026 අප්‍රේල් මාසය වන විට මෙරට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් ලෙස වාර්තා වී ඇත. මෙයින් දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 18ක් වේ.














