ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 8 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂාවට අදාළ අවබෝධතා ගිවිසුම් 3කට අත්සන් තැබීමට නියමිත අතර, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම ඉන්දීය සාගරයේ ස්ථාවරත්වය පිළිබඳව මෙහිදී පුළුල් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරේ. සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෑතකදී නව “රක්ෂා” ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික මාර්ග සිතියම එළිදැක්වීමෙන් පසු රාජ්නාත් සිං මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි.














