ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සත්‍යා නිකේතන් ප්‍රදේශයේ පිහිටි සය මහල් ගොඩනැගිල්ලක් හදිසියේ කඩාවැටීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ලද මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතිද්දී මෙම ව්‍යසනය සිදුව ඇති අතර, ඉන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම ගොඩනැගිල්ල තුළ සිසුන් විශාල පිරිසක් වාසය කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදීද පුද්ගලයන් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින්නට ඇතැයි දැඩිව සැක කෙරේ. සිද්ධිය සැලවීමත් සමඟ ජාතික කළමනාකරණ බලධාරීන්, දිල්ලි ගිනි නිවන සේවය සහ පොලිසිය එක්ව යුහුසුළුව මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් කිහිප දෙනෙකුම බේරා ගැනීමට කටයුතු කර තිබේ.
මෙම අනතුරත් සමඟ දිල්ලි නගරයේ නීතිවිරෝධී හා අනාරක්ෂිත ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ මෙන්ම ශිෂ්‍ය නවාතැන්වල සුරක්ෂිතභාවය පිළිබඳව දැඩි සමාජ හා ආයතනික කතාබහක් නිර්මාණය වී තිබේ. ඉදිරියේදී සිදුකෙරෙන පුළුල් පරීක්ෂණ මඟින් මෙම අනතුරට වගකිවයුතු පාර්ශ්ව හඳුනා ගැනීමටත්, නගරයේ අනාරක්ෂිත ගොඩනැගිලි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්රියාමාර්ත ගැනීමටත් බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














