තායි රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධිත වීසා ක්‍රියාමාර්ග යටතේ, එළඹෙන සැප්තැම්බර් 15 වන දින සිට තායිලන්තයේ වීසා-නිදහස් කිරීමේ (Visa-Free) යෝජනා ක්‍රමය සඳහා ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් තවදුරටත් සුදුසුකම් නොලබන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම සංශෝධිත වීසා ප්‍රතිපත්තිය සහ පැමිණීමේදී වීසා ලබා දීමේ (Visa on Arrival) යෝජනා ක්‍රමවලට අදාළ වෙනස්කම් අගෝස්තු 31 වන දින රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එය සැප්තැම්බර් 15 දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ. අදාළ වෙනස්කම් මැයි මාසයේදී තායි කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාලෝචනයකින් පසුව සිදු කර ඇති අතර, මීට පෙර පැවති දින 60ක වීසා-නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය අහෝසි කිරීම සහ කෙටි කාලීන වීසා-නිදහස් ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන රටවල් ලැයිස්තුව සංශෝධනය කිරීම මෙයට ඇතුළත් වේ.














