“Clean Sri Lanka” ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් සහ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම “සිහින ගමනාන්ත” ව්‍යාපෘතිය යටතේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මීට පෙර මෙම වැඩසටහන යටතේ කදුරුවෙල දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇත.
නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගල්ඔය සහ පොලොන්නරුව අතර පිහිටා ඇති හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය වසර 45ක් පුරා කිසිදු සංවර්ධනයකට ලක් නොවී අවම පහසුකම් යටතේ පවත්වාගෙන ගිය එකකි. මගී ජනතාවට මෙන්ම කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන් ප්‍රවාහනය කිරීමට ඉමහත් දායකත්වයක් සපයන මෙම දුම්රියපොළ මෙලෙස රුපියල් මිලියන 40ක වියදමින් නවීකරණයට ලක් කෙරේ.














