මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වූ පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනවලින් අනතුරුව උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මඩකලපුව පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. රජයේ නිලධාරීන්ගේ නිල රාජකාරීවලට බාධා කිරීම සහ ආයතන පරිශ්‍රයේ අසෝබන ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ අම්පිටියේ සුමනරත්න හිමියන් පොලිස් ඇප මත මුදා හැරීමකින් තොරව, වැඩිදුර නීතිමය පියවර සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මඩකලපුව පොලීසිය කටයුතු යොදා තිබේ.


















