සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ‘Reach Youth’ සංවිධානය සහ පාසල් සිසුන් එක්ව වැල්ලවත්ත මුහුදු වෙරළ ආශ්‍රිතව විශේෂ පරිසර දැනුවත් කිරීමේ සහ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වනු ලැබීය.
‘Ocean Watch App’ හරහා ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේදී වෙරළ තීරයට බැහැර කර තිබූ ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය බෑග් 50කට අධික ප්‍රමාණයක් සාර්ථකව එකතු කරගැනීමට සමත් වී ඇත. අනතුරුව එම අපද්‍රව්‍ය නිසි පරිදි වර්ග කර, බර මැන බලා, ඉදිරි අධීක්ෂණ හා වාර්තාකරණ කටයුතු සඳහා දත්ත සටහන් කරගනු ලැබීය.


















