ඒකීය ගාස්තු අය කිරීම හා භූ සම්පත් කැණීම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (04) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පිහිටුවීම සිදු කර ඇති අතර, දිස්ත්‍රික්කය තුළ සිදුවන භූ සම්පත් කැණීම් කටයුතු විධිමත් කිරීම සහ ඒ සඳහා නිවැරදි ප්‍රමිති හා ඒකීය ගාස්තු ක්‍රමවේදයක් අනුගමනය කිරීම මෙහි අරමුණ වේ.














