කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයට අනුව, පාර්ලිමේන්තුව මේ සතියේ සැප්තැම්බර් 08 වැනි අඟහරුවාදා සිට 11 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ ප්‍රධාන දිනචර්යාව සහ විවාද පහත පරිදි වෙන් කර ඇත:
සැප්තැම්බර් 08 (අඟහරුවාදා): පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල නියෝග විවාදයට ගැනේ. ප.ව. 5.00 සිට 5.30 දක්වා විපක්ෂයේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාද කෙරේ.
සැප්තැම්බර් 09 (බදාදා): පෙ.ව. 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.
සැප්තැම්බර් 10 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. ප.ව. 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂයේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාද කෙරේ.
සැප්තැම්බර් 11 (සිකුරාදා): පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත.
සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහාත්, උදෑසන කාලයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.














