ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 නියෝජනය කරමින් වැඩිහිටි සහ සමාජ සේවා යන විෂයන්ට අදාළ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් විශේෂිත තෙදින පුහුණු වැඩසටහනක් පසුගිය 02 වැනි දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
අදාළ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විධිමත්ව ජනතාව වෙත ඉටු කරලීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබෙන අතර, එම නිලධාරීන්ට තම වෘත්තීය දැනුම සහ කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙයින් විශාල පිටුබලයක් ලැබෙනු ඇත.














