පසුගිය 2020 සිට 2024 දක්වා කාලසීමාව තුළ සේවයෙන් විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින් වෙත මෙතෙක් කිසිදු වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දී නැතැයි රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකමුතුව පවසයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ දිස්ත්‍රික් උප සභාපති සාලින්ද සමරකෝන් මහතා සඳහන් කළේ, 2020ට පෙර සහ 2025 වසරින් පසු විශ්‍රාම ගිය පිරිසට අදාළ දීමනා හා වැටුප් වැඩිවීම් හිමි වන මුත්, මෙම මැද කාලය තුළ විශ්‍රාම ගිය පිරිසට පමණක් එම ප්රතිලාභ අහිමි වී ඇත්තේ මන්දැයි ප්‍රශ්න කරන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කළ ද මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත් කිරීම සඳහා තම සාමාජිකයන් විශාල පිරිසක් දායක වූ බව සිහිපත් කළ ඒකමුතුව, තම ගැටලුවට කඩිනමින් නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී මෙම ජාත්‍යන්තර මට්ටමට ගෙන යන බවට ද අනතුරු ඇඟ සිටියි.














