ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර, ඩොලරයේ විකිණුම් මිල සාමාන්‍යයෙන් රුපියල් 332 මට්ටමේ ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවේ ගැනුම් මිල රුපියල් 324.05ක් වන අතර විකිණුම් මිල රුපියල් 333.30ක් ලෙස වෙනස් නොවී පවතී. එන්.ඩී.බී. බැංකුවේ ගැනුම් මිල රුපියල් 323.75ක් සහ විකිණුම් මිල රුපියල් 332.75ක් දක්වා ශත 5කින් ඉහළ ගොස් ඇත. මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 324.25ක් සහ විකිණුම් මිල රුපියල් 332.29ක් දක්වා ශත 5කින් ඉහළ ගොස් තිබේ. කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 322.35ක් වන අතර විකිණුම් මිල රුපියල් 332.25ක් ලෙස වෙනස් නොවී පවතින අතර, සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 324.25ක් වන අතර විකිණුම් මිල රුපියල් 332.25ක් ලෙස සටහන් වේ.














