ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (සැප්තැම්බර් 08) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගගුරම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි।
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක। ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ। මීට අමතරව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක














