මහව ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ සහෝදරයෙකු සතුන් දඩයම් කිරීමේ අරමුණින් රැගෙන ගිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මියගොස් තිබේ. නාගොල්ලගම, පොතුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සුජීව පුෂ්ප කුමාර නමැති වෘත්තියෙන් ගොවියෙකු වන මෙම පුද්ගලයා, පසුගිය 05 වැනිදා රාත්‍රී කාලයේ ගිනි අවියක් ද රැගෙන නිවසින් පිටතට ගොස් ඇති අතර, නිවස අසල පිහිටි කඩුල්ලක් අසලින් ගමන් කිරීමේදී ඔහු අත තිබූ ගිනි අවිය හදිසියේ පත්තු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) දහවල් ඔහු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාගොල්ලගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














