එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 81 වන සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ඉදිරි මහා මණ්ඩල සැසිවාරයට අදාළ ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමුව ඇත. මීට අමතරව ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින වසර 70කට වැඩි ද්විපාර්ශ්වික සබඳතාව, UN80 මුලපිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව (UNSDCF) සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමු විය. එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට සහ බහුපාර්ශ්විකවාදය කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී නැවත තහවුරු කළේය.














