අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන මගීන් සඳහා වන ආසන පටි පැළඳීමේ නීතිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට දැඩි ලෙස ක්රියාත්මක කරන බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා අද (සැප්තැම්බර් 08) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මෙම නීතිය ක්රියාත්මක කිරීම මීට පෙර අවස්ථා කිහිපයකදී කල් දමමින්, වාහනවල ආසන පටි සවිකර ගැනීමට සහ අලුත්වැඩියා කර ගැනීමට වාහන හිමියන්ට සහන කාල කිහිපයක් ලබාදුන් බව අමාත්යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, සැප්තැම්බර් 19 වනදායින් පසුව තවත් කිසිදු සහන කාලයක් හෝ නිදහසට කරුණක් ලබා නොදෙන අතර අදාළ නීතිය දැඩි ලෙස බලගන්වන බව ඔහු අවධාරණය කළේය.














