මෙම වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිත අතර, කහතුඩුව සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ද මේ වසර අගදී ආරම්භ කෙරේ. මීට අමතරව කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත්, අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිටත්, පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්‍රේල් මාසය වනවිටත් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.














