කොළඹ මහාධිකරණයේ විභාග වන අල්ලස් නඩුවකට විනිසුරුතුමා ලවා අත්හිටවූ සිරදඬුවම් ලබා දීම සඳහා රුපියල් 750,000ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.














