දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත සක්‍රිය කිරීම සහ මූල්‍ය සහන සැලසීම අරමුණු කරගනිමින් ‘ආපදා සහන (RE-MSME – Disaster Relief)’ සහ ‘විස්තීර්ණ ආපදා සහන (EDR)’ යන ණය යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 2025 සහ 2026 වර්ෂයන් සඳහා මෙම සහන වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක මුළු මුදලක් වෙන් කර ඇති අතර, 2026 වසරේ සිට මෙම ණය යෝජනා ක්‍රම දෙක ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, සහභාගිත්ව මූල්‍යායතන 15ක දායකත්වයෙන් දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායන් 3,968ක් සඳහා මේ වන විට රුපියල් මිලියන 8,061.4ක සහන ණය මුදලක් ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.














