පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270ක් යටතේ නඩුවිභාග වන නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අද (සැප්තැම්බර් 08) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිය ලිඛිත දේශන ගොනු කර තිබේ.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය. ලිඛිත දේශන භාරගැනීමෙන් අනතුරුව, අදාළ නඩුවේ තීන්දුව එළඹෙන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේය. නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත ප්‍රධානතම නඩුවක් ලෙස සැලකේ.














