සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ මීටර් 400, 200 සහ 80 කෘතිම ධාවන පථ යළි ඇතිරීමේ (Relaying) ව්‍යාපෘතිය සඳහා නැවත අලුතින් ලංසු කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රුපියල් මිලියන 1,062.543ක ඇස්තමේන්තුගත පිරිවැයකින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා මීට පෙර ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු ඉදිරිපත් කළ එකම සුදුසුකම්ලත් සමාගම ඇස්තමේන්තුගත පිරිවැයට වඩා 70%ක අධික මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පිරිවැය අවම කර ගනිමින් සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලෙස උසස් පෙළ ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇති අතර, ඒ අනුව යළිත් අලුතින් ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.














