ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රාන්තිය සහ පරිසර වාර්තාකරණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන නව මාධ්‍ය ධාරිතා වර්ධන වැඩසටහනක් (Media Capacity Building Programme) නිල වශයෙන් ආරම්භ කර තිබේ. ප්‍රංශ මාධ්‍ය සංවර්ධන ඒජන්සිය වන Canal France International (CFI) සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) අතර අදාළ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ආයතනික දායකත්වයෙන් සහ Expertise France (EF) ආයතනයේ ක්‍රියාත්මක කිරීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක වේ.
දේශගුණික මූල්‍යකරණය, හරිත ආයෝජන, තිරසර සංවර්ධනය සහ ජෛව විවිධත්වය වැනි විෂයයන් ආවරණය කරමින් ගුණාත්මක සහ දත්ත මත පදනම් වූ වාර්තාකරණයක නියැලීමට මාධ්‍යවේදීන්ට පුහුණුව ලබා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවේදීන් 60 දෙනෙකු සඳහා ਤ్రిභාෂා පදනම් පුහුණුවක් ලබාදීම, μένටෝර්වරුන්ගේ මගපෙන්වීම යටතේ ‘Story Labs’ හයක් ක්‍රියාත්මක කිරීම, තරුණ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ජාතික මට්ටමේ ජාලගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















