මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වන බවත් අද (සැප්තැම්බර් 08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී නිල වශයෙන් දැනුම් දෙන ලදී.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 26 වනදා අමාත්‍යවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිත අතර, සැප්තැම්බර් 28 වනදා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. පසුගිය වසරේ මහා මණ්ඩල සැසිය සඳහා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගී වූවත්, මෙවර ශ්‍රී ලංකාවේ නියෝජනය අමාත්‍ය මට්ටමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
















