50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව ක්‍රීඩා සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘Colombo Marathon – 2026’ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක්ව සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
මෙහිදී පූර්ණ මැරතන්, අර්ධ මැරතන්, කිලෝමීටර් 10 ධාවන තරගය සහ කිලෝමීටර් 5 Fun Run යන තරග ඉසව් ක්‍රියාත්මක වන අතර, දේශීය හා විදේශීය තරගකරුවන් රැසක් ඒ සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලියේ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම, ත්‍යාග මුදල් සහ තරග මාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.
















