කොස්ලන්ද පොලිස් වසමේ කොස්ලන්ද – වැල්ලවාය මාර්ගයේ උඩුමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වැල්ලවාය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ කොස්ලන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














