පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අයදුම්පත් යොමු කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. අදාළ පද්ධතිය සම්පූර්ණයෙන් යාවත්කාලීන කරන තෙක් www.police.lk නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර සම්පූර්ණ කරගත හැකි බව පොලිසිය දැනුම් දෙයි.
මේ අනුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය. මෙම තාවකාලික ක්‍රමවේදය යටතේ අයදුම්පත් යොමු කිරීමේදී කිසිදු මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන අතර, දත්ත පද්ධතිය යථාවත් වූ පසු නැවත මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සියලුම අයදුම්කරුවන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු වේ.














