ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් සිරගත කිරීම සහ විපක්ෂයේ දේශපාලනය මැඩලීමට ආණ්ඩුව සිදු කරගෙන යන ක්රියාදාමයට සංකේතාත්මකව විරෝධය පළ කරමින් මහනුවර මහා නගර සභාවේ මහා සභාවට සියලුම විපක්ෂ මන්ත්රීවරුන් කළු පටි පැළඳ සහභාගී වූ බව ලස්සන බණ්ඩාර හේරත් මහතා පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, සර්වජන බලය සහ මුස්ලිම් කොංග්රසය ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන් මෙම විරෝධතාවයට එක්වී ඇති අතර, විපක්ෂයේ දේශපාලනය මර්දනය කරමින් අත්තනෝමතික ලෙස ඒකාධිපති පාලනයක් බිහි කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට සූදානම් බව ඔවුන් අවධාරණය කර ඇත.














